ඉස්කුරුප්පු පොටක් දිගේ යන නට් එකකින් තමයි ඒක් එක් අක්ෂ දිගේ පෑන අරගෙන යන්නෙ. රේසර් දාල
නැති නිසා ටිකක් සද්දයි.
පරණ CD ROM drive එකකින් තමයි පෑන උස් පහත් කරන්නේ. |
අඳින්න පුළුවන් ඉඩකඩ 8" x 8". පෑන අඟලක් උඩට උස්සන්න පුළුවන්.
මොටරේ පොටට සම්බන්ධ කරලා තියෙන්නෙ රබර් බට කෑල්ලකින්. |
මේක වැඩ කරන්නේ ලැප්ටොප් පරිගණකයකින් පාලනය වන ක්ෂුද්ර සකසනයකින්. ATX PC power supply එකකින් තමයි බලය සපයන්නේ. මේකෙ දුවන මෘදුකාංගයත් මටම ලියාගන්න වුනා.
කළු සුදු පින්තූරයක් දුන්නාම ඒකෙ දාර ටික හොයාගෙන පෑන එහෙ මෙහෙ යන්න ඕන විදියට අණ දෙන්න මෘදුකාංගයට පුළුවන්.
No comments:
Post a Comment